World

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී උමං දුම්රියපොලක සිදුවූ පිපිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැද පෙරදිග රටකින් පැමිණි අයෙකු බව රුසියානු බලධාරීන් තහවුරු කරගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු අවුරුදු 20ක් පමණ වන පුද්ගලයෙකු බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයෙකු විය හැකි බවද මතයක් පලවී තිබේ.

පීටර්ස්බර්ග්හි උමං දුම්රියපොළක ඊයේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා වැඩිවී තිබෙන අතර, මිය ගිය අය වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට පිටර්ස්බර්ග් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රටවල රැසක රාජ්‍ය නායකයින් ශෝකය පලකර ඇති අතර, ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා රුසියාව – ඇමරිකාව අත්වැල් බැදගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති පූටින් අමතමින් පැවසූ බව ද රුසියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Related posts

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday