Colombo Today Local News

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළායැයි කියන නඩුවේ පළමු සැකකරු ලෙස සැලකෙන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නොහොත් නෙවි සම්පත් ලබන 1 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ඩීමනි මද්දෙවල මහත්මිය ඊයේ (26) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාලව නෙවි සම්පත්ට විරුද්ධව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් 2009 වසරේදී පොලීසිය වෙත පැමිණිලි කර ඇත. කෙසේ වෙතත්, සිද්ධිය අඩු යටිකුරු කරමින් පැමිණිලිකරු විත්තිකරු බවට පත් කිරීමට “යහපාලන” දේශපාලන පෙරළියත් සමගම පොලීසිය ක්‍රියාකර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස මානුෂීය මෙහෙයුමේ විශාල කාර්යභාරයක් සිදුකල දක්ෂ රණවිරුවන් පිරිසක් මෙම සිද්ධියට පටලවා අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන සැබෑ නේවි සම්පත් නොහොත් සම්පත් මුණසිංහ ඇප මත සිටියදී හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි­ආ­ර­ච්චි නැමැත්තා නේවි සම්පත් ලෙස හඳුන්වා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය ක්‍රියා කල අතර ඔහුට රටින් පිටවීමට අනුබල සහ උපකාර ලබාදුන් බව සඳහන් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න පවා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය ක්‍රියා කරන ලදි.

මේ සියලු කාරණා දෙස බැලීමේදී මෙම 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව රහස් පොලීසිය විසින් හත්පොලේ ගාගෙන ඇත. විවිධ දේශපාලනික උවමනා වෙනුවෙන් තම ප්‍රතිවාදීන් දඩයම් කිරීමට මෙම නඩුව භාවිතා කිරීම හේතුවෙන් සැබෑ අපරාධකරුවන්ට නිතිය ක්‍රියාත්මකවීම මගහැරී ගොස් ඇත.

Related posts

ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

අතින් පයින් පහරදුන් එරාවුර් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

colombotoday

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday