Colombo Today Local News

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය



පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් යුතු මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ එජාපයේ අධාරකරුවන් විසින් අරණායක එජාපයේ නව සංවිධායකවරයාගේ රුව සහිත සුභ පැතුම් පොස්ටර් අලවා ඇති අයුරු දැක්වෙන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඊට දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

අරණායක ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් දිසානායක මහතා අරණායක එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා බවට පත් විමෙන් පසුව ඒ මහතාට සුභ පතා එජාපය විසින් සුභ පැතුම් එක් කරන ලද පොස්ටර් ප‍්‍රදර්ශනය කර ඇත.

පසුගිය කාලයේදි එල්ල වු බොහෝ තාඩන පිඩන මැද මෙම ඓතිහාසික පුද බිම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් එහි වර්තමාන විහාරාධිකාරි හිමිපාණන් වන මැදිරිගිරියේ පුණ්‍යසාර හිමිපාණන් විශාල වු උත්සාහයක නිරත වි සිටින අතර, එවැනි කාලයක මෙම ඓතිහාසික පුද බිම හදුනාගැනිම වෙනුවෙන් සකස් කර ඇති නාමපුවරුවක් මෙලෙස පොස්ටර් ඇලවිම සම්බන්ධයෙන් විහාරාධිපතියන් ඇතුලූ දායක සභාව එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

මාලිමා මන්ත්‍රීලට විරෝධය පෑ අය අත්අඩංගුවට

Admin

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday