Colombo Today Local News

පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ – පාරිභෝගික අධිකාරිය

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් හෝ අනෙකුත් දේවල් අඩංගු දැයි සොයා බලන පරීක්‍ෂණ සිදු කිරීමට අවශ්‍ය දැනුම හෝ තාක්‍ෂණික ශක්තිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොමැති බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර පවසයි.

එම අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබඳව සාම්පල් නියැඳි ලබා ගැනීම සිදු කළ ද අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා එම සාම්පල් වෙනත් රාජ්‍ය ආයතනවෙත යොමු කර පරීක්‍ෂණ වාර්තා ලබා ගැනීමට සිදු වීම නිසා එම වාර්තාවල ඇති තොරතුරු පිළිබඳ විශ්වසනීයත්වයක් නොමැති බව ද හෙතෙම පවසයි. රජයේ රස

පරීක්‍ෂක දෙපාර්තමේන්තුව, ITI ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත ආයතන හෙයින් ඒවා තුළ ද එම පරීක්‍ෂණ දැනට සිදු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් පෞද්ගලික ආයතන මඟින් රජය මඟින් ආරක්‍ෂා කළ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද යන්න කිසිවිටෙක විශ්වසනීයත්වයක් නොමැති බවත් එම සංගමය පෙන්වා දෙයි.

Related posts

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

මැතිවරණ පෝළිමක්

Admin

බැදුම්කර වංචාවේ තරම බෑණාගේ ලාභයෙන් පෙනේ.. අවසන් මාස 6 ලාභය බිලියන 6.8යි..

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin