තම පාඨමාලාවට වාණිජවේදී උපාධි පාඨමාලාවට සමාන පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිද්දියෙන් ශිෂ්‍යයන් සිව් දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.