Colombo Today Local News

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

ක්සත් ජාතික පක්ෂයේ පුද්ගලීකරණ වැඩ පිළිවෙළ යටතේ අධ්‍යාපනය ‍පුද්ගලීකරණ වැඩපිළිවෙල ඉතා සූක්ෂම අයුරින් හා වේගවත්ව සිදු වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ වන විට එහි ප්‍රථම පියවර වශයෙන් රජයට පවරා නොගත් පුදගලික පාසල් 80 සඳහා එක් පාසලකට ශාඛා පාසල් 5 බැගින් මුදල් අය කරන පුද්ගලික පාසල් 400ක් රට පුරා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඇසට වැලි ගසා එය සම්මත කර ගෙන ඇති බව අද පැවැති මාධ්‍ය හමුවේදී ගුණවර්ධන මහතා පවසා සිටියේය.

තව දුරටත් ‍අදහස් දැක්වූ ගුණවර්ධන මහතා

පවරා නොගත් රජයේ අනුමත පාසල් පාලනය වන්නේ පාලක මණ්ඩලයක් විසින්. අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් අංශය ඉල්ලා සිටින කිසිදු තොරතුරක් එම පාසල් විසින් දෙන්නෙත්නෑ. කිසිදු ගිණුම් වාර්තාවක් දෙන්නෙත් නෑ. මේවා අධි සුපිරි ගණයේ පාසල් ලෙස පවත්වා ගෙන යනවා.

මෙම පාසල් වල පුද්ගලික පාලක මණ්ඩල විසින් පාලනය කරනවා. සමහර පාසල් වල දරුවෙකු ඇතුළු කර ගන්න ලක්ෂ 8 සිට ලක්ෂ 25 අතර මුදලක් අය කරනවා. එම පාසල් රජයේ පාලනයක් නොමැති වීම හා එම පාසල් වලට  අමතරව රට පුරා මුදල් අය කරන පුද්ගලික පාසල් ශාඛා පහ බැගින් ආරම්භ කිරීමට අවසර ලබා දීම අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට විශේෂ ලිපියක් සකස් කර අද බාර දෙනවා. ඔබ තුමා රටේ නායකයා ලෙස කිසිලෙසකින් වත් ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසත් එම කැබිනට් පත්‍රිකාව ආපසු කැඳවන ලෙසත් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න රටේ නිදහස් අධ්‍යාපනය බිල්ලට දෙන්න එපා කියන නියෝගය අධ්‍යාපන ඇමතිට කරන ලෙසට මෙම ලිපියෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday

මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට ! මගුලට ගිය එජාප ලොක්කන්ට රන්ජන්ගෙන් දොස්මුරයක්

colombotoday

“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday