Colombo Today Local News

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ නොවන පුද්ගලයෙක් දිනවීමට සාමාජිකයින් කඩේ යවන්නේ නැහැ. – බැසිල් රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සදහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුන ගොඩනැගුනේ ගමෙන්. පක්ෂයේ නායකත්වය හදන්න කළින් සාමාජිකයා හැදුනු පක්ෂයක්. ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩ පිළීවෙල සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්. ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ. ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන්. ඒ අපේක්සකයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.

Related posts

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

අනුර අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

Admin

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

colombotoday

චන්ද්‍රිකාගේ වත්තේ පොල් කැඩු තරුණයාට වෙඩි තබයි

Admin

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday