Colombo Today Local NewsTop Stories

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

අත්අඩංගුවට ගෙන සිටින අමල් පෙරේරාට සහ නදිමාල් පෙරේරාට තමන් ගායන ශිල්පින් වන බවට තහවුරු කරන ලෙස ඩුබායි පොලිසිය විසින් පවසා තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාලයෙහි ඇති ඔවුන්ගේ ගීත තමන් ඉදිරියේ ගායනා කර පෙන්වන ලෙසට ඩුබායි පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අන්තර්ජාලයේ ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන් ඉදිරියේ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ගායනය කළ බව සඳහන්.

එලෙස ගීත ගායනය කිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය විසින් ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරගත් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය පරිහරණය කර නොතිබූ බවට අනාවරණ වී ඇති බව ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.

කෙසේ වෙතත් උදුල් ප්‍රේමරත්න පැවසුවේ අමල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාව මේවන තෙක් ලැබී නොමැති බවයි.

මේ අතර මාකඳුරේ මධුෂ්ගේ සගයෙකු වන හෙට්ටිආරච්චිගේ අසේල එරංග නමැති පාතාල සමාජිකයා රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට පොලිසියට අවසර ලැබී තිබෙනවා.

ඒ, සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු දින 07 ක් රඳවා තබාගනිමින් ප්‍රශ්ණ කරන ලෙසයි එහිදි අධිකරණය නියෝග කර ඇත්තේ.

ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20 ක් සමගින් අසේල එරංග නමැති සැකකරු පසුගිය 10 වැනිදා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Related posts

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

ද්වේශසහගත සහ නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන්න. – යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී

colombotoday

ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

Admin

සජිත් ඉල්ලා එජාප මන්ත්‍රීවරු 51 ක් අත්සන් තැබූ විශේෂ ලිපියක් අද අගමැති හමුවට

colombotoday

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් තියනවා… බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා – විපක්ෂ නායක කියයි

Admin