Colombo Today Local News

නිකවැරටියේ නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි…

නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීගලෑව පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර අදාළ ගිනි අවි නිෂ්පාදනාගාරය තුළ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින් එකක්, තුවක්කු බඳ කොටස් දෙකක් සහ ගිනි අවි සෑඳීම සඳහා යොදාගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගොන්නගස්වැව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද(05) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday