Colombo Today Local News

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් (මුහුණු පොත) සාදයකදි හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් සමග තරුණියන් 06ක් තරුණයන්  83ක් අද (03) දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජි ධම්මික  විරසේකර මහතා පැවසිය.

පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ෆේස් බුක් (මුහුණු පොත) සාදය මින්නේරිය ප‍්‍රදේශයේ පැවැත්විමට නියමිත තිබු බවත් පසුව එම ස්ථානයෙන් හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබේ.  පොලීසිය එම හෝටලය (03) දින අලුයම 12ට පමණ වටලන අවස්ථාවේ සංගීතය සමග නටමින් සිටි  ඇති අතර  පසුව පරික්ෂාවට ලක් කිරිමේදි ඔවුන්  සතුව  හෙරෝයින් මිලිග‍්‍රෑම් 30ක් කේරළ ගංජා ග‍්‍රෑම් 28ක්  ඇපැල් වර්ගයේ මත්පෙති 05ක්  අබින් ග‍්‍රැම් 10ක්  ගංජා සුරුටිටු 02ක් සහ  හදුනා නොගත් මත්පෙති වර්ග රැසක් ඇතුඑ රුපියල් එක්ලක්ෂ පනස් අටදාහක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාදයට සහභාගි විම සඳහා  එක් අයකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කරගෙන ඇති බව  පොලීසිය අනාවරණය කරගෙන ඇත.

 සාදයට සහභාගි වු පිරිස් අතර ගල්කිස්ස දෙහිවල පොල්ගහවෙල කොළඹ කුරුණෑගල නුවරඑළිය මහනුවර අනුරාධපුර මාතර ගාල්ල ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ආදි දිවයින පුරා පිරිස් මේ සඳහා සහභාගි වි සිටි බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාරියන් සහ සැකකරුවන් මත්දුව්‍ය සමඟ (03) දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හිගුරක්ගොඩ පොලීසිය පවසයි. 

Related posts

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව ඉක්මන් කරන්නැයි බටහිර රටවල් 4ක් දන්වයි.. ජනමතවිචාරණය දෙසැම්බරයේ !

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

colombotoday