Colombo Today Local News

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

නව ඇමතිවරයාත් ගොනාට අන්දවා අතුරු මිලදී ගැනීම් මුවාවෙන් ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ….

“2014න් පසුව කිසිදු අඩු මිලට විදුලිය සැපයිය හැකි මහා පරිමාණ බලාගාර එකක් හෝ ඉදිකර නොමැති අතර ඉදිකිරීමට කිසිදු සූදානමක් ද නැත.. 2015 අග භාගයේ සිට විදුලිය මිලදී ගැනීම සදහා විදුලිබල අමාත්‍යංශය අපුරු ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. විදුලිබල පනතේ කිසිදු තැනක සදහන් නැති මේ අපූරැ අතුරැ ක්‍රමය අතුරු විදුලි මිලදී ගැනීම් යනුවෙන් අමාත්‍යංශය හදුන්වනු ලබයි. 2015 සිටම විදුලිය හිගයක් ඇතැයි කැබිනට් මණ්ඩලය පවා නොමග යවමින් මේ අතුරු ක්‍රමය හරහා විදුලිය මිලදී ගැනීමේ වංචාවට නීත්‍යානුකූල භාවය ලබාදීමට විදුලිබල අමාත්‍යංශය උත්සහා දරා ඇත. 2017 වසරේදී හදිසි අවශ්‍යතා මත විදුලිය මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය වැය කර ඇතිඅතිරේක මුදල රුපියල් මිලියන 38000කි. ඒස් ඇඹිලිපිටිය, ඒස් මාතර හා ඇග්‍රෙකො යන සමාගම් තුනට අයත් මෙගා වොට් 180ක පමණ ධාරිතාවයක් එම වසරේදී මිලට ගෙන ඇත. 2016 වසරේදී ආරම්භ කල මෙම අතුරු හා හදිසි මිලදී ගැනීම් දැන් වන විට සාමාන්‍ය මිලදී ගැනීම් බවට පරිවර්තනය කර ගැනීමට විදුලිබල අමාත්‍යංශය කටයුතු කර තිබීම පුදුම සහගතය. 2018 වසරේදී මෙගා වොට් 170ක විදුලිය හදිසි ක්‍රමයට මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යංශය පියවර ගෙන තිබුණි. ඒ යටතේ ලංවිමට සිදුවු පාඩුව රුපියල් බිලියන 80 ට ආසන්න වේ. හදිසි ක්‍රමයට විදුලිය මිලදී ගැනීම දැන් වන විට සාමාන්‍ය ක්‍රමය බවට පත් කරතිබේ.”

“ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුන් විසින් සකස් කර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ජනතාවට අඩු වියදමකින් විදුලිය සැපයිය හැකි බලාගාරවලින් සමන්විත දිගුකාලීන ජනන සැළැස්ම හමස් පෙට්ටියට දමා විදුලි බල අමාත්‍යංශය විසින් වසරින් වසරට හදිසි විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ මෙරට විදුලිබල ජනන සැළැස්ම පාලනය කරන බව දැන් පැහැදිලිය. මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩු රුපියල් බිලියන 50ක් යැයි වාර්තා වී ඇත. මේ මුදලින් අති විශාල ප්‍රමාණයක් වැය වන්නේ මේ ආකාරයේ හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා බව තහවුරු වී ඇත. සුළං හා සුර්යා බලාගාර වලින් විදුලිය ඒකකයක් රුපියල් 10ත් 12ත් අතර මිලකට ලංවිමට මිලදී ගත හැකිය. එහෙත් එවැනි බලාගාර ඉදිකිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කර තිබේ. එම ප්‍රමාදය සදහා ලංවිම ද වග කිව යුතු ය. පසුගිය වසර 5 තුලදී ලංවිමට මෙගා වොට් 100ක හෝ බලාගාරයක් ඉදිකරගැනීමට නොහැකි වුයේ කුමන හේතුවක් නිසා ද යන්න නව ඇමතිවරයාද සොයා බැලිය යුතු ය.”

“මේ වන විට නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් සදහා නව අමාත්‍යවරයා නොමග යවමින් ටෙන්ඩර් කැදවා ඇත. ඒ මෙගා වොට් 100ක් හදිසියේ පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ය. මේ සදහා කැබිනට් මණ්ඩලය අනුමැති ය ලබා දුන්නා නම් යෝජිත වංචාවට නැබිනට් මණ්ඩලයද වගකිව යුතු ය. එසේම මේ සදහා නිර්දේශ ඉදිරිපත් කල විදුලිබල අමාත්‍යංශය වගකිව යුතු ය. මෙම මිලදී ගැනීම කළහොත් මේ වර්ෂය තුලදී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු තවත් රුපියල් බිලියන 10 කින් වැඩි වනු ඇත. අවසානයේ මේ බර විදුලි පාරිභෝගිකයා මත පැටවීම අනිවාර්යයයෙන්ම සිදුවේ. විදුලිබල අමාත්‍යංශයේ අත්තනෝමතික හා වංචනික ක්‍රියා හේතුවෙන් ඉහල යන ලංවිම පාඩුව මෙරට විදුලි පාරිභෝගිකයා විසින් ගෙවා දැමීමට සුදානම් නැත. ලංවිම විසින් ඉදිරියේදී යෝජනා කරන විදුලි ගාස්තු ඉහල දැමීමට අප සංවිධානය දැඩි
විරෝධය දක්වන බවද එවැනි අසාධාරණ මිල ඉහල දැමීම් වැළැක්වීමට පියවර ගන්නා බවද අවධාරන කරමු. “


” මෙම තත්වය වලක්වා ගැනීම සදහා ආර්ථික විෂය පිළිබදව හසල දැනුමක් ඇතැයි කියන විදුලිබල අමාත්‍යවරයා කටයුතු කල යුතුය. නැතහොත් අපට කීමට ඇත්තේ මෙරට විදුලිපාරිභෝගිකයාට දෙයියන්ගේම පිහිටයි යන්න පමණක් නොව රවී කරැණානායක ඇමතිවරයා විදුලිබල අමාත්‍යාංශය භාරගෙන රෑ වැටුනු වළේ දවලුත් වැටෙන්නට යන බවය.”

Related posts

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කරයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

Admin