Colombo Today Local News

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත.
 
පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී මෙම කොටි බෝම්බ තොගය හමු වී ඇත.
 
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිෂ්පාදිත යුද ටැංකි විනාශ කළ හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ  4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.


යුද සමයේදී  අදාළ බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පළ කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

colombotoday

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday