Colombo Today Local News

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොවි ජනතාව මෙලෙස සේනා දළඹු උවදුරින් පීඩාවට පත්ව සිටියදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැතිර ගොස් ඇති තවත් කෘමි උවදුරක් පිළිබඳව වාර්තා වුණි.

ඒ හඳුනා නොගත් කීඩෑ විශේෂයක් එම ප්‍රදේශයේ වී වගාවන්ගෙන් හමුවීමත් සමගයි.

අම්බලන්තොට, ගොවිජනසේවා බලප්‍රදේශයට අයත් ගල්වැව ග්‍රාමසේවා වසමේ මහ පිටපැලැස්ස වෙල්යායේ ගොයම් ගස් තුළ මෙම හඳුනා නොගත් කීඩෑ විශේෂය දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දැනටමත් වෙල් යායට අයත් කුඹුරු අක්කර 50ක ප්‍රදේශයක මෙම කීඩෑ උවදුර පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි පවුල් සංඛ්‍යව 40ක් බව අනාවරණය වී තිබේ.

ගොවීන් පවසන්නේ සතියක පමණ කාලයක සිට මෙම කෘමි උවදුර දක්නට ලැබුණු බවයි.

ගැටලුව සම්බන්ධයෙන් අම්බලන්තොට ගොවිජනසේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුවත්කළද  මෙතෙක් නිසි විසඳුමක් නොලැබුණු බව ගොවීන් පවසයි.

adaderana

Related posts

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday