Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 400ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Related posts

නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම වැරදියි.. 20 ගැන විවාදය කල් දමන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

colombotoday

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රන්ජන් – ඉන්දික ගැටුමේ, මාධ්‍යයෙන් වාර්තා නොවූ හොදම හරිය මෙන්න

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin