Colombo Today Local News

පාසල් විෂය මාළාවට නීති අධ්‍යාපනය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පැවැති කැබිනට් හමුවේදී අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය වැනි කරුණු පිළිබඳව මෙහිදී පාසල් දරුවන්ට මුල සිටම සරලව පහදාදීම මෙහි අරමුණ වී තිබේ.

මේ තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇති බව ඇමැතිවරිය කීවාය.

මූලික නීතියට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳවද කුඩා කාලයේම දැනුමක් ලබා ගැනීමේදී රට තුළ සිදුවන අපරාධ අඩුවීමට ඉඩ ඇති බවද අතුකෝරල අමාත්‍යවරිය කීවාය.


අදාළ විෂය නිර්දේශය පාසල් පෙළපොත්වලට ඇතුළු කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමටද නියමිතය.

Related posts

පොහොට්ටු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑ !

colombotoday

පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයීමේ චෝදනා මත රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

colombotoday

එජාප ලොක්කන්ට එරෙහිව සපුපෙළ හිටගනී… මලික්ගේ වැය ශීර්ෂයට එජාප 18කගේ ඡන්දය නෑ…

colombotoday