Colombo Today Local News

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

පෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීමේ අරමුණින් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලැබෙන බවට වැඩිදුරටත් වාර්තා වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනාවරණය කරයි.

 ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පෙරේදා (04 දා) දහවල් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතා හෙතෙම මේ බව පළ කළේය.

 ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සුමන්තිරන් විසින් 2/3 ක ඡන්දයෙන් පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට තහවුරු කර ඇත්තේ මෙම මන්ත‍්‍රී කණ්ඩායම බිලි බා ගැනීම සනාථ වීම නිසා යැයිද වීරසේකර මහතා කීවේය.

 මේ මුදල් කොටි ඩයස්පෝරාවේ මුදල්. එය ඩයස්පෝරාව සතු මුදල් සම්බාරයෙන් සොච්චමක් යයි පැවසූ රියර් අද්මිරාල්වරයා එය ඩොලර් මිලියන 2 කට සමාන බවද කීවේය.

 මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් යුරෝපා සංගමයේ නියෝජිත වෙත පැවසුවේ නව ව්‍යවස්ථාව සූදානම් කර ඇති බවයි.

දිවයින

Related posts

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin