Colombo Today Local News

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා යෝජනා වී ඇති බව වාර්තා වෙයි. විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ධම්මික පෙරේරා මහතා වෙත එය දන්වා ඇති බව සඳහන්.

ශුර ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ ධම්මික පෙරේරා මහතා හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවෙකි.ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ඥානය විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංවිධානයට මනා පිටුවහලක් වනු ඇති බවයි මේ වන විට ඔහු සම්බන්ධ ඇගයුම වී ඇත්තේ. 

ඒ අනුව ගරු සේවයක් ලෙස සලකා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගන්නා ලෙසයි රවී කරුණානායක මහතා ආරාධනා කර ඇත්තේ. 

ධම්මික පෙරේරා මහතා මේ වන විට විදෙස්ගතව සිටින අතර මෙතෙක් ඔහු එම ආරාධනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝ විට ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගනු ඇති බවයි.

lankanewsweb.net

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday