Colombo Today Local News

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

no rapeළමා හා ස්ත්‍රී දූෂකයන්ට මරණ දඩුවම ලබා දීම වෙනුවට ඔවුන්ගේ පුරුෂ ශක්තිය සිදීම වැනි දෙයක් වඩාත් උචිත බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඉකුත් දා පැවති විවාදයකදී ප්‍රකාශ කර තිබුණා. එවැනිම යෝජනාවක් ඉන්දීය අධිකරණයක් මගින්ද ඉදිරිපත් වී තිබෙනවා.

ළමා අපචාර මැඩලීමට පවතින නීති අසමැත් බැවින් ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට පියවර ගත යුතු බව මදුරාසි මහාධිකරණ විනිසුරු එන් කිරුබාකරන් ප්‍රකාශ කර තිබෙනවා. විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ පිරිමි දරුවෙකු අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඉදිරිපත් කළ අභියාචනාවක් ප්‍රතික්ෂේප කරමින්.

වර්තමානය වන විට සමූහ ළමා දූෂණ ඉන්දියාව පුරා අසන්නට ලැබෙන බව පැවසූ විනිසුරු එන් කිරුබාකරන් ‘එවැනි තර්ජනයන්ට විසඳුම් ලබා දීමට නීතිය අසමත් නම්, උසාවියට බෑ කර බාගෙන නිහඬව, නොසෙල්වී බලා ඉන්න’ යනුවෙන් පවසා ඇත. ‘ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට කටයුතු කළොත් ඉන් ඓශ්වර්යමත් ප්‍රතිඵල ලැබෙනු ඇති බව අධිකරණයට විශ්වාසයෙන් කියන්න පුළුවන්’ විනිසුරුවරයා වැඩිදුරටත් පවසා ඇත.

දිල්ලි අගනුවරදී විශ්ව විද්‍යාල සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමත් සමග ලිංගික ප්‍රචන්ඩත්වයට එරෙහිව පවතින නීති තර කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේ දෙවසරකට ඉහතදීයි. එනමුත් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදු කෙරෙන ලිංගි ප්‍රචණ්ඩ ක්‍රියා නිරන්තරයෙන්ම ඉන්දියාවේ නන් දෙසින් වාර්තා වේ.

Related posts

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday