Colombo Today Local Newsfeatured

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

සිංගප්පුරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්.ටී කොඩිකාර මහතා ප්‍රකාශ කළේ.

ඊට අමතරව ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අත්හිටුවීම බලාත්මක බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර සිංගප්පුරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 09 ක් ඉදිරිපත්ව ඇති අතර එම පෙත්සම් විභාග කිරීම මේවන විට සිදුවනවා.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණේ, පසුගිය මැයි මස පළමුවැනිදා සිටයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට පාර්ශව රැසකින් චෝදනා එල්ලවු අතර ඔවුන් කියා සිටියේ, ගිවිසුම මගින් මෙරට ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවයි.

Related posts

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday

ජාතික රෝහලේ ලක්ෂ 79ක මුදල් මංකොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක්

colombotoday

දින තුනකට යළි ඇඳිරි නීතිය පනවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday