Colombo Today Local News

රනිල්ට විශ්වාසය ඇතැයි සජිත්ගේ යෝජනාව මංගල ස්ථිර කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව මංගල සමරවීර මහතා විසින් ස්ථීර කරේය. සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් මංගල සමරවීර මහතා, “රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙයි විශ්වාසය ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා. 48 සිට අපේ රට විවිධ දේශපාලන අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ නායකයන් දෙදෙනක් ඝාතනය කළා. හැට දෙකේ හමුදා කුමන්ත්‍රණය වගේම ඉන් පසු දකුණේ තරුණ කැරලි දෙකක් තිබුණා. ඉන් පසු යුද්ධය පැවතුනා. ඔක්තෝබර් 26 වැනි දා සිදු වුණා වගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් වෙලා නෑ. ඔක්තෝබර් 26 වැනි දා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා ලෙස නම් කරාවි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූල අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැති මණ්ඩලය නීති විරෝධී ලෙස අයින් කළා. ඒ තත්ත්වය නිසා රට මේ වන විට විනාශයේ දොරකඩට ඇවිත් තියෙන්නේ“.

Related posts

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday