Colombo Today Local News

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි.

පැවිදි හඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම රථ පෙරහර හික්කඩුව සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක ද නිරත වූහ.

මහ මැතිවරණයකට බල කරමින් පැවැත්වුණු මෙම රථ පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඤ්ඤායනය කර ආශිර්වාද කළහ.

පසුගිය 29 වැනිදා අභයාරාම විහාරස්ථානයෙන් ඇරඹි මැතිවරණයට බල කරන අත්සන් පනස් ලක්ෂයක් ලබා ගැනීමේ ජනතා පෙත්සම පෙරටු කරගත් රථ පෙරහර වැල්ලවත්ත, මොරටුව, පානදුර, වාද්දුව, කළුතර,බේරුවල,අම්බලන්ගොඩ නගර ඔස්සේ සීනිගම දේවාලයට ළඟා විය.

පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ,එම සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

20 ගැන සංඝයාවහන්සේගේ මතය ජනවරමින් පරාදයි.. ජනතා මතය අපි සමගයි – ජවිපෙ කියයි

colombotoday

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට

Admin