Colombo Today Local News

මහේෂ්වරන් නෝනා ඉල්ලපු එල්ටීටීය දැන් ඇවිල්ලා තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

මහේෂ්වරන් මන්ත්‍රීවරිය විසින් ඉල්ලන ලද එල්ටීටීඊ සංවිධානය මේ වන විට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන ලදි.

ඒ, ඊයේ (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය දා මුලතිව් ප්‍රදේශයේ සිදුවු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගම පලවන පුවත් සම්බන්ධයෙන් මන්‍ත්‍රීවරයා විසින් ප්‍රකාශයක් සිදුකරන ලදි.

2009 මැයි මස 19 එල්ටීටීඊ ණායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් සමගම මෙරට ත්‍රස්තවාදය සහමුලින් ම අතුගා දැමීමට හිටපු ජනතති මහින්ද රාජපක්ෂ මහාතාගේ ආණ්ඩුවට හා වීරෝධාර රණවිරුවන්ට හැකියාව ලද බව බවත් එදින සිට 2015 ජනවාරි 09 වන දින දක්වා උතුර හා නැගෙනහිරි ප්‍රදේශයන්හි රතිඤ්ඤා කරලක් හෝ පත්තු නොවු බවත් 30 වසරක යුද්ධයක් බැට කෑ ද්‍රවිඩ ජනතාව ඒ සදහා දැඩි බියක් දැක්වූ බව ඒ මහතා පවසන ලදි.

කෙසේ වෙතත් එදින සිට වත්මන් අග්‍රාමාත්‍ය බලයට පත්වන තුරුම එම ප්‍රදේශයන්හි සිදු වූ සිදුවීම් කොපමනද යන්න සම්බන්ධයෙන් සියලු දෙනා දුටු බවත්ත විවිධ අපරාධ කල්ලි බිහිවෙමින් විවිධ අපරාධ හා ඝාතනයන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ බවත් මියගිය එල්ටීටීඊ නායකයා අනුස්මරණය කරමින් සිදුකරන ලද උත්සවයන් සදහා පසුගිය රජය විසින් අනුග්‍රහය ලබා දුන් බව ඒ මහතා පවසන ලදි.

කෙසේ ඒ මහතා කියා සිටියේ පසුගිය එල්ටීටීඊ මහවිරු සැමරුම් උතස්වය පැවැත්වෙන අවස්ථාවේ දී පොලිසිය විසින් වහාම ක්‍රියාත්ම වී ඔවුනට එම සැමරුම් පැවැත්වීමට නොහැකි බවට ප්‍රකාශ කිරීමත් සමගම එයට පළි ගැනීමක් වශයෙන් එල්ටීටීඊ සංවිධානය නැවත ක්‍රියාත්මක වෙමින් පසුගිය දා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මුලතිව් ප්‍රදේශයේදී ඝාතනය සිදු කල බවත් එම ඝාතන සම්බන්ධයෙන් මේ වන විටත් එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම තුලින් ඒ බව පැහැදිලි වන බවයි.

හිටපු අමාත්‍යවරියක වන විජේකලා මහේෂ්වරන් විසින් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර මේ වන විට මහේෂ්වරන් මන්ත්‍රීවරිය විසින් ඉල්ලන ලද එල්ටීටීඊ සංවිධානය නැවත පැමිණ ඇති බව ඒ මහතා පවසන ලදි.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගල නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි මංගල බලපෑම් කරලා..කොමිසමේ දී හෙළිවේ

colombotoday

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

colombotoday

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

colombotoday

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරට යයි. දමිළ ජනතාව ඥානසාර හිමි පිළිගනී

colombotoday