Colombo Today Local News

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වෙයි…

මාතර ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසල සිදුවූ පිහි ඇණුමකින් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා අද (26) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඒහිදී අධිකරණය නියෝග කළේ සැකකරු ලබන මස 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මාතර ඇල්වේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුට තවත් සිසුන් තිදෙනෙකු විසින් පහරදී පසුව එක් සිසුවෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබුණා.

සිද්ධියට සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය අද සොයාගෙන තිබුණා.

අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

Related posts

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

colombotoday

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday