Colombo Today Sports News

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

පන්දුවාර විස්සයි- විස්ස කාන්තා ලෝක කුසලානයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුළු අ 8කින් පරාජයට පත්කරමිනි.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තයට සියලු දෙනා දැවී පන්දුවාර 19.4 කදී රැස්කළ හැකිවූයේ ලකුණු 105ක් පමණි.

එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ වයට් (ලකුණු 43) හා නයිට් (ලකුණු 25) ය.

ඊට හැර අන් කිසිදු එංගලන්ත පිතිකාරිනියකට ලකුණු දහයේ සීමාවට ලගා වීමට අවස්තාවක් ලබා දුන්නේ නැති වීම විශේෂත්වයකි.
එමෙන්ම පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ගාඩ්නර් විසින් ලකුණු 22කට කඩුළු 3ක් දවා ගත්තාය.

ලකුණු 106 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

එහිදී නැවතත් ක්‍රියාත්මක වූ ගාඩ්නර් වේගවත් ලකුණු 33ක් ලබා ගත්තේ දැවන්ත හයේ පහර තුනක්ද එල්ල කරමිනී.

අවසාන මහා තරගයේ වීරයා ලෙස ගාර්ඩ්න් ද තරගාවලියේ වීරයා ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමේම ඇලීසා හේලී ද සම්මාන දිනා ගනු ලැබුවෝය.

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

සිංහ – කොදෙව් පළමු ගැටුම අද ගාල්ලේ දී

colombotoday

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday