Colombo Today Local News

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

JohnAmarathunga

සංචාරක අමාත්‍යාංශ කාර්යාලය කොළඹ පාර්ක් වීදියේ නව ගොඩනැගිල්ලකට ගෙන යෑමට සැලසුම් කර ඇති අතර එහි මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ 200ක් අමාත්‍යාංශයෙන් වෙන් කරගෙන ඇතැයි වාර්තා වේ.

සිදු කිරීමට සූදානම් වන නාස්තිකාර වියදම සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන් තුළ ද දැඩි විරෝධයක් සහ කලකිරීමක් ඇතිව තිබෙන බව ද වාර්තා වන අතර මීට විරෝධය පළ කරන නිලධාරීන් අවධාරණය කර සිටින්නේ සංචාරක අමාත්‍යාංශයේ වාර්ෂික ආදායම බිලියන 3-4 ක් වුවත් තවත් ගොඩනැගිලි අමාත්‍යාංශය සතුව තිබිය දී මාසිකව මෙවැනි වියදමක් දැරීම ජාතික අපරාධයක් මෙන්ම වත්මන් ආණ්ඩුවේ කීර්තිනාමයට ද හානි සිදු කරන්නක් වන බවයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරයා මෙම මුදල් වෙන් කරගෙන තිබෙන්නේ කැබිනට් අනුමැතියකින් තොරව, හිතුමතේ සිය නිල බලය උපයෝගී කරගෙනය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව සඳහා මැදිහත්ව සිටින්නේ වත්මන් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංගගේ බෑණා වන කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි ය.

මේ වන විට සංචාරක අමාත්‍යාංශය පවතිනුයේ කොල්ලූ‍පිටියේ තිබෙන සංචාරක මණ්ඩල ගොඩනැගිල්ලේ කොටසක් සහ රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ කොටසක් වශයෙන් ස්ථාන දෙකකය.

එජාප අමාත්‍යවරුන් ද කළ කිරී සිටින්නේ යන එන මං නොමැතිව සිටින තමන්ට අමාත්‍යාංශයක් කුලියට ගැනීම වෙනුවෙන් මාසික කුලිය රුපියල් ලක්ෂ 50ක් හෝ ඊට ආසන්න මුදලක් වෙන් කර දෙන ලෙසට කළ ඉල්ලීම් පවා ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුවේ ප‍්‍රධානීන්, කරන්නට සූදානම් වන මහජන මුදල් නාස්තිය පිළිබඳ කාරණයේ දී නිහඬව සිටීම පිළිබඳවය.

Related posts

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කරන්න සුදානම් නැහැ.. – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday