Colombo Today Local News

මාගම්පුර නටපු නැටුමට ජැක්සනුත් ළඟදීම FCID යට !

66161cc2f5a5fec0e89ed2411fe1e532_L

ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ළඟදීම ‘බරපතළ වංචා විමර්ශන කොට්ඨාසය’ (FCID) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.

එසේ කැඳවීමට යන්නේ, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ දී සිදු කළ ප‍්‍රාසාංගික උත්සවයට වැය කර ඇති රුපියල් කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය. එම උත්සවයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා වූයේ ජැක්සන් ඇන්තනී මහතා ය.

මෙම විවෘත කිරීමේ උළෙල පැවැත්වූයේ 2010 වසරේ නොවැම්බර් 18 වන දිනය.

මෙම ප‍්‍රාසාංගික කටයුත්ත සඳහා වූ සමස්ත වියදම සම්බන්ධයෙන් තවමත් සොයා බලමින් සිටින බව වාර්තා වන අතර එහි පිරිවැය දැරුවේ වරාය අධිකාරියයි.

මෙම වැඩසටහන වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට නිශ්චිතවම ගෙවූ මුදල ගැන සඳහන් සටහන් අතුරුදන්ව ඇති බවත් එම අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

Related posts

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

“ලංගම මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමටද ?”

colombotoday

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday