එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බලවේග මැතිවරණ සඳහා බිය නොමැති බවත් හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරණයක් සමඟ මහ මැතිවරණයක් එකට පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියෝග කරයි.

මන්ත්‍රීවරයා මේ අභියෝගය එල්ල කර සිටියේ ලිප්ටන් වටරවුමේ පැවති එක්සත් ජනතා පෙරමුණේ විරෝධතා රැළිය අමතමින්ය.
එහිදී ආණ්ඩුවට අභියෝග කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිසේනත්, අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන ලෙසත් ඒ දෙදෙනා එකට තබා පරාජය කර පෙන්වීමේ ජවය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බලවේගය සතු බවද මන්ත්‍රීවරයා පැවසීය.