Colombo Today Local News

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට දින නියම කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ව්‍යස්ථාවිරෝධී බව පවසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ පෙත්සම් විභාගය හෙට (12) දිනයට කල් දැමීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් එහි සාමාජික මහාචාර්, රත්නජීවන් හූල් මහතා ද පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු නලින් පෙරේරා සහ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වේ.

Related posts

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

colombotoday