Colombo Today Local News

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ  කොමිසමට පැමිණිලි කළේය.

දින කිහිපයක් ඇතුළත කථානායකවරයා විසින් සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව අදාළ පැමිණිල්ල ගොනුකර ඇත.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ,1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසූරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිරදඬුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල්මට  කර ඇති බවයි.

අදාළ පැමිණිල්ල ගොනු කරන අවස්ථාවට ආචාර්ය  මාදුරුඔය ධම්මිස්සර හිමි ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක්  සහභාගි වූහ.

Related posts

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

colombotoday

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin