Colombo Today Local NewsColombo Today Sports News

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දවට පහර දුන් එංගලන්තය විටෙක ලකුණු 113 කට කඩුළු 5ක් දැවී අසීරූ තත්ත්වය පත් විය.
බිද වැටුණු මුල් ඉනිමට ශක්තියක් වෙමින් අගනා ලකුණු 87 ක් රැස් කරමින් පසුපෙළ පිතිකරුවන් සමග සාර්ථක පිතිකරණයක නිරත වීමට අද දින ටෙස්ට් ජාත්‍යන්තර වරම් දිනූ බෙන් ෆෝක්ස් සමත් විය.

ඔහු සමග එක් වූ ජොස් බට්ලර් අගනා ලකුණු 38ක් ද ඉන් පසුව පිටියට පිවිසි යොවුන් පිතිකරු සෑම් කරන් ලකුණු 48 කින් ද ,ආදීල් රශීඩ් අවශ්‍යම මොහොතේ තම පිත්ත ක්‍රියාත්මක කරමින් අගනා ලකුණු 35 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්‍ රුවන් පෙරේරා කඩුළු 4ක් ද සුරංග ලක්මාල් කඩුළු 2 ක් ද රංගන හේරත් හා අකිල ධනංජය විසින් එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වූහ.

අද දිනට තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 91 නිමා වන විට කඩුළු 8ක් බිදවැටී ලකුණු 321ක් ලබා සිටියේය. බෙන් ෆෝක්ස් ලකුණු 87ක් හා ජැක් ලීච් ලකුණු 14ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටී.

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් !

colombotoday

2017 දුගීබව නැති කිරීමේ වසර ලෙස නම් කරයි.. ජනපති යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday