Colombo Today Local NewsTop Stories

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ ඇමතිධුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව ඊයේ (01) ජනාධිපති සිරිසේන මේ ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට එක්වන පිරිස් වෙත ඇමතිකම් දීමෙන් පසුව ජනාධිපතිගේ ඉල්ලීම ගැන අවධානය යොමුකළ හැකි බවයි.

මෙම හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මැති ඇමතිවරුන්ද සහභාගීව ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday