Colombo Today Local News

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ  සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්,  ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.

Related posts

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday