මරාගෙන මැරෙන කොටි බෝම්බ කරැවන්ටත් වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නව පනත මගින් හැකියාව ලැබෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙම කටයුත්තේ සාධාරණත්වයක් ඇත්දැයි ජනතාව කල්පනා කර බැලිය යුතු බවද ඒ මහතා කියා සිටී.
කොළඹ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.