BusinessColombo Today Local News

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

car sale

වාහන මිලදී ගැනීමේ දී අදාල වාහනයේ වටිනාකමින් 70%ක් පමණක් ලීසිං ක්‍රමයට ලබා දීමට හා වාහන කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු මූල්‍ය ආයතනවලට උපදෙස් දී ඇත.

කල්බදු මූල්‍ය සමාගම්වල ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බවයි මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා පවසන්නේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් දා මාධ්‍ය හමුවකදී පැවසුවේ ලීසිං ක්‍රමයට වාහන මිලදී ගැනීමේ දී වටිනාකමින් 90% දක්වා ලබාදීමට පියවර ගන්නා බවකි. එහෙත් මහබැංකුවේ නව තීරණයට අනුව රවී කරුණානායක මහතාගේ කතාවට වලංගුභාවයක් නොමැති වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය වන්නේ අගමැති රනිල් වික්‍රරමසිංහ මහතා යටතේ වන අතර ඇමති රවි කරුණානායකට මහ බැංකුව සම්බන්ධයෙන් වගකීමක් ලබා දී නැති බවයි පැවසෙන්නේ.

Related posts

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday