Colombo Today Local News

අපේ ජනතාවට රනිල් තිත්ත බෙහෙත් බොන්න දීලා. – කේ.ඩී. ලාල්කාන්ත

හොරකම, දූෂණය, වංචාව රටේ සංස්කෘතියක් බවට පත්ව ඇති හෙයින් එකී සංස්කෘතියට විරුද්ධ වන්නන්් සමාජයෙන් ප්‍රතික්ෂේප වන තැනට පත්වී ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නේ බරපතළ දේශපාලන අර්බුද රොත්තක් කැඳවමින් බවද ලාල්කාන්ත මහතා කීය. ඔහු පැවැසුවේ ආර්ථික අර්බුදය සමනය නොකර දේශපාලන අර්බුදය කිසිසේත්ම සමනය කළ නොහැකි බව පාලකයා තේරුම් නොගැනීම බරපතළ ගැටලුවක් බවය.

ලාල්කාන්ත මහතා මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති 20 වැනි ගුරු සමුළුවට එක්වෙමිනි.

එහිදී ලාල්කාන්ත මහතා මෙසේද පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පටන් ගත්තෙම තිත්ත බෙහෙත් බොමු කියලනේ. අද ඒ තිත්ත බෙහෙත් මේ බොන්න දීලා තියෙන්නෙ.

මෝටර් සයිකලයේ යන වෙළෙඳ දැන්වීම් දැකලා මධ්‍යම පාන්තික අය බහුතරයක් එදා ඡන්දෙ දුන්නා. පුංචි කාර් එකක හරි යන්න තිබෙනවා නම් කියන ආකල්පය සාධාරණයි. නමුත් අර බයිසිකලෙන් ගිය ජෝඩුව මේ ආණ්ඩුව බිමටම ඇදලා දැම්මා.

23දා අපේ දැවැන්ත විරෝධතාවක් තියෙනවා කොළඹ. එය සම්පූර්ණයෙන්ම සැලැසුම් කරලා තියෙන්නෙ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව.

අද 20වැනි ගුරු සමුළුව අමතද්දී මට දෙයක් මතක් වුණා කියන්න. මෙතැන ගුරුවරු විදුහල්පතිවරු ඉන්නවා. ඉස්සර දරුවා පාසලට ගියේ ඉගෙන ගන්න. ටියුෂන් ගියේ උපකාරයක් ගන්න. අද ටියුෂන් පන්ති යන්නෙ ඉගෙන ගන්න. පාසලට යන්න උපකාරයක් ගන්න.

අද සමාජයේ ආකල්පයක් තියෙනවා දේශපාලනය ඕනෑම පිස්සෙකුට කළ හැකියි කියලා. ලෝකෙ රටවල් නැති කළෙත් දේශපාලනය. හැබැයි ලංකාවට හිඟන රටක් වුණේ කොහොමද? ලංකාව හැදුවෙ කවුද? සිංගප්පූරුව ලී ක්වාන් යු හැදුවලු. කියුබාව හැදුවේ ෆිදෙල් කස්තේ‍රා්ලු. හැබැයි ලංකාව හදපු කෙනෙක් නෑ.

හොරකම, දූෂණය ලංකාවේ සංස්කෘතියක් වෙලා ඇති නිසා ඒකට එරෙහි වන අය ඒ සංස්කෘතිය විසින්ම එළවලා දානවා. හොරකමේ සංස්කෘතියට රනිල් වික්‍රමසිංහත් ඇතුළු වුණා. රනිල් වික්‍රමසිංහ ලොකුම හොරකමට මැදිහත් වුණා.

මං කියනවා තනි තනිව අරගල කරන්න එපා. ඒක වැරැදියි.

අද අවශ්‍ය වී තිබෙන්නේ සාමූහික අරගලයක්. ආර්ථික අර්බුදය සමනය නොකර දේශපාලන අර්බුදය සමනය කරන්න බෑ. විසඳුමක් නැතිව මහින්ද ආවත් ජවිපෙ ආවත් බෑ. හැබැයි අපට ආර්ථික විසඳුම් තිබෙනවා. රනිල් වික්‍රමසිංහගෙන් අපි අහනවා 1978 ඕගොල්ලන්ගෙ විවෘත ආර්ථික ක්‍රියාවලිය සාර්ථකද කියලා. විවෘත ආර්ථිකයෙන් ලංකාවට ඕනෑදේත් එපා දේත් එනවා.

අද ප්‍රජාතන්ත්‍රවාදය කියන පාලන ක්‍රමය දුවන්නෙ කණු 3ක් උඩ. ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය. අද එයට ජනමාධ්‍යයත් එක්ක එකතු වෙලා කණු 4ක් වෙලා. අද හැන්සාඩ් එක කියවන අයට කියවන්න තියෙන්නේ කුණුහරුප. ඊළඟට විධායකය. මොළේ ඇති මිනිහෙක් විධායකයට කැමැතිද? ඊළඟට අධිකරණය. ඒ පද්ධතියත් බිඳ වැටිලා. මේ කුලුනු 03 බිඳ වැටුණම පාලනයක් තියෙනවද? ජනමාධ්‍යයත් මේ තුනට දෙවැනි නෑ. හැම මාධ්‍යක්ම කටයුතු කරන්නේ යම් පුද්ගලයෙක්, පාර්ශ්වයක් වෙනුවෙන්.

ඒ නිසයි අපි 20 වැනි සංශෝධනය ගෙනාවේ. 1978න් පසු මේ කියපු කුලුනු 3ට බලපෑවේ විධායක ජනපතිගේ යකඩ සපත්තුව. රාජපක්ෂ කාලේ කැබිනට් එක බල්ලට ගිය ආකාරය ඊට හොඳ උදාහරණයක්. සිල් රෙද්ද බෙදුවෙත් එහෙමයි. අම්මා තාත්තාගේ කෞතුකාගාර ප්‍රතිමා හැදුවෙත් එහෙමයි. අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අයිතීන් පවා අහිමි වෙලා.

මහජන නියෝජිතයා ඡන්දෙන් පත් වෙලා ඇවිත් පාර්ලිමේන්තුවේ රූකඩයක් වෙනවා නම් එතැන ඇති වැඩේ මොකක්ද? 20 පාර්ලිමේන්තුව සම්මත කරයිද නැද්ද දන්නෙ නෑ. අපි කියන්නෙ 2/3 ඡන්දෙ දෙන්න. ජනමත විචාරණයක් එන එක හොඳයි. මේකෙන් රට බෙදෙනවා කියලා බිල්ලෙක් මවනවා. ඒත් රට බෙදෙන්නෙ කොහොමද කියලා කියන්නෙ නෑ.

රටේ සම්පත් කොල්ලකාලා පිටරට පටවලා විකුණලා ඉන්න පාලකයෝ දේශප්‍රේමියෝලු. ඒ පට්ට හොරු. ඒ පට්ට හොරුත් වන්දනාමාන කරන කොටසතුක් ඉන්නවා. අපි මේක වෙනස් කරන්න ඕනෑ. ඒකට අපි පෙළ ගැසෙමු.

Related posts

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

colombotoday

බබා පාර්ට් දාන බදියුදීන්ගේ සෙල්ලම්.. බදියුදීන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට

colombotoday

“ආරක්ෂාව පතා හිටපු අගමැති ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර රැගෙන ගියා”

colombotoday

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

Admin

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin