Colombo Today Local News

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

ඉදිරි අයවැයේ දී සහය ලබාදීමට නම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පළාත් සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ 13 වැනි දා පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.

ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේ දී තීරණයක් ගනිද්දී දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි  සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණයක් ගත්තා. යනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

lankadeepa

Related posts

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

Admin