Colombo Today Local News

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

බ්‍රිතාන්‍යයේ ඉහළ පෙලේ විශ්ව විද්‍යාල සංගමයක අගමැති රනිල් වික්‍රමසිංහ දේශනයක් පවත්වද්දී උද්ඝෝෂණයක යෙදුනු දෙමළ පිරිසක් අතරින් සිව් දෙනකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ බ්‍රිතාන්‍ය පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය විසින් සංවිධානය කරන ලද “ඉන්දු සාගර කලාපයේ භූ දේශපාලනය” සාකච්ඡා සභාවේ ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වන අවස්ථාවේ විරෝධතාවක් දියත් කළ සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ඇත්තේ තේම්ස් පොලිසිය විසිනි.

ඔවුන්ගෙන් අයකු වන රටින් පිටත දෙමළ ඊළම් ආණ්ඩුවේ (TGTE) සොක්කලිංගම් යෝගලිංගම්ට පොලිස් නිලධාරියකු දැනුම් දී ඇත්තේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් අත් අඩංගුවට ගන්නා බවයි.

සොක්කලිංගම් යෝගලිංගම්, ශාක්‍ය රාජ් ප්‍රනාන්දු, ධනුෂන් මහාදේවන් සහ සෙල්වගනේෂන් සිවසුදන් යන පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

විරෝධතා කරුවන් අත තිබූ සටන් පාඨ පුවරුද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

උද්ඝෝෂකයන් අත තිබූනේ එල්ටීටීඊ ධජ බවට නොමග යවන සුළු චෝදනාවක් නගමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගැනීම සිදු වී ඇති බව TGTE ආණ්ඩුවේ ටී ජී මනිවන්නන් ප්‍රකාශ කර ඇත.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අගමැතිවරයා සමග ඔක්ස්ෆර්ඩ් සංගම් ශාලාවේ සිටියදී, පිටත වීදියේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොකළ බවයි.

“පැමිණිලි හෝ අත් අඩංගුවට ගැනීම් ගැන මහ කොමසාරිස් කාර්යාලයේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ කටයුතු පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස අපි දකිනවා,” යි වැඩ බලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න පවසා ඇත.

කොටි සංවිධානය ඇතුළු තහනම් සංවිධාන විදහා දැක්වෙන සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම බ්‍රිතාන්‍යයේ තහනම් කටයුත්තකි.

Related posts

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

වව්නියාව නගරයේ පාසල් 6 ක් හෙට විවෘත නොවෙයි.

colombotoday

දයාසිරි බැදුම්කර සමාගමෙන් මිලියනයක් අරන්.. රථ ගාලේදී සල්ලි දුන් හැටි බොඩිගාඩ් හෙළිකරයි

colombotoday

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin