Colombo Today Local News

සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්ද අතේ

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී ඊයේ (9) රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂද මේ සාකච්ඡාවට සහභාගිවී ඇති අතර ‘‘අපිට ඉන්නේ එක නායකයයි නායකයෝ දෙන්නෙක් නැහැ.නමුත් ඔබතුමා ගන්න තීරණය උඩ අපි හිටගන්නවා‘‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකොන් මෙහිදී ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත් පවසා ඇත.

Related posts

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday