Colombo Today Local News

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමූ විනිසුරු මඩුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන ඥානසාර හිමිගේ විරුද්ධවාදියෙක්

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6 ක බරපතල වැඩ ඇතිව අභියාචනාධිකරණය විසින් පනවන ලද සිර දඬුවමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල විනිසුරු මඩුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන විනිසුරුවරුන්ගේ තීන්දුවෙන් ඉවත දමන ලදි.

කෙසේ වෙතත් යහපාලන රජය පත්වීමත් සමග ශේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත්වූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන නීතිඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස සිටි කාලයේදී, ඥානසාර හිමි සමග මත ගැටුම්වලට පැටලී සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි. ඔහුගේ නියෝජනය සහිතව උන්වහන්සේව අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මාධ්‍ය නිවේදන පවා එකල නිකුත් කර ඇත. ඥානසාර හිමිට දඬුවම් දීමේ පුද්ගලික අරමුණක සිටි පුද්ගලයෙකු උන්වහන්සේට විරුද්ධව ඇති නඩුවක විනිසුරු වශයෙන් කටයුතු කිරීම සාධාරණ නොවන බව අප කල විමසීම්වලදී නීතිඥවරුන් අවධාරණය කරන ලදි. එවැනි අතීතයක් තිබෙන විනිසුරුවරයෙකු වශයෙන් ඔහු එම නඩු විභාගයෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණු බව එම නීතිඥයින් පෙන්වා දෙයි.

http://www.dailymirror.lk/article/bbs-challenges-basl-to-debate-on-letter-sent-to-ag-48258.html

Related posts

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday