Colombo Today Local News

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

ගිං ග‍ඟ පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වෙමින් පවතින අතර අද (07) දහවල් 12.00 වනවිට බද්දේගම  ජල මාපකයේ ජල මට්ටම  මීටර් 4.31 දක්වා වැඩි වි ඇති බැව් ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු චමිලා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.

බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර  පහත්බිම් ඇතුළු මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී  ඇත.

ගිං ගඟ ඉහත්තාවේ තවලම ජල මාපකයේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව පවසන එහි වාරිමාර්ග ඉංජිනේරුවරිය  එම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.58 දක්වා අඩුවී ඇති බව ද සඳහන් කළාය.

ගිං ගඟ ඉහත්තාවේ ජල මට්ටම අඩුවන විට  පහළ නිම්නයේ ජල මට්ටම වැඩිවන බව ද ඇය පැවසුවාය.

මේ අතර හෝළුවාගොඩ ඇළ පිටාර ගැලීම නිසා ඕපාත, නරාවල, හෝළුවාගොඩ, මිපාවල, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

මේ අතර ඊයේ (6) රාත්‍රීයේ දී කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත,ඉංගිරිය, බුලත්සිංහල,මතුගම සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇත.

Related posts

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

හිටපු මුදල් ලේකම් නැවත වැඩට බහී

Admin

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday