Uncategorized

මැරිච්ච ජාතියකට පන දෙන්න ගිහිල්ලා ඥානසාර හිමි අද දහදුක් විඳිනවා – තල්ගමුවේ සුධිරානන්ද හිමි

“මැරිච්ච ජාතියකට, ඇල් මැරුණු ජාතියකට, අකර්මන්‍ය ජාතියකට පන දෙන්න ගිහිල්ලා තමයි ඥානසාර හිමි අද දහදුක් විඳින්නේ. ඒ ජාතියට නායකත්වයක් නෑ… නන්නත්තාරේ යන හිතුමතේ වැඩ කරන ජාතියක් සිංහල ජාතිය. අන්න ඒ ජාතියට නායකත්වය දෙන්න ගිහිල්ලා තමයි.. මේ ඛේදනීය තත්වයට ඥානසාර හාමුදුරුවෝ පත්වුණේ.” යැයි අද (2) පැවති මාධ්‍ය හමුවකදී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය තල්ගමුවේ සුධිරානන්ද හිමි සඳහන් කර සිටිනවා.

“ප්‍රශ්න පිළිබඳව කතා කරන්න කොන්දක් නැති පාලකයන් ඉන්න රටක මීට වඩා දේවල් වෙන්න පුළුවන්. බෞද්ධ රටවල් ලෙස තිබුණු බොහෝ රටවලට උනෙත් ඒකයි. ඒ තිත්ත ඇත්ත එලියට දාන්න ගිහිල්ලා තමයි මේක උනේ. ඒ කතා කරපු දේවල්වල එක් දෙයක් තමයි “රණ විරුවන්” ගැන සංවේදීව කතා කිරීම. මෙතන තියෙන්නේ ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අගතියට යෑමක්.”

“ඥානසාර හිමිට මේ දඬුවම දෙනකන් පුදුම දොළදුකක් තිබ්බේ ඇතැම් දේශපාලකයන්ට සහ මුස්ලිම් ඇත්තන්ට. අර වයසක උන්දැ කෙනෙක්ට ලොකු අමාරුවක් තිබ්බා ඥානසාර හිමි හිරගත කරන්න. එකනේ කිවුවේ, අර බලු සේනා මේ බලු සේනා බලු කූඩුවට දානවා කියලා.”

“රට කරවන ඇත්තෝ බය උනා මේ හඬත් එක්ක ඊළඟ පාර රට කරවන්න එන්න බැරිවෙයි කියලා. රට කරවලා පැරදිලා ගිය අය දැනගත්තා මේ හඬත් එක්ක ඉදිරියට එන්න බෑ කියලා. මොකද මේ හෙළුව එලියට එනවා, මේ නිරුවත නිරාවරණය වෙනවා. ඒ කාරණා නිසාවෙන් ඉතාමත්ම අසාධාරණ ලෙස ඥානසාර හාමුදුරුවෝ කියන සිංහල ජාතියේ උන්නතිය උදෙසා නැගූ හඬ, බෞද්ධයින්ගේ උරුමය උදෙසා නැගූ මහා හඬ, ඒ කාහල නාදය මැඩ පවත්වන්න මේ සියල්ල සිද්ධ වෙන්නේ.”

“අද ඥානසාර හාමුදුරුවන්ට. එතනට ගැහුවට පස්සේ ඊට පහල අය කොහොමත් බයවෙනවා කියලා මේ අය දන්නවා. මේක දැනගෙන සාමාන්‍ය ජනතාව මොලය පාවිච්චි කරලා ඊට විරුද්ධව නැගී සිටින්න කියන සංවේදී ආයාචනය තමයි අපිට කියන්න තියෙන්නේ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියෝ පැවසීය.

Related posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

colombotoday

මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?

colombotoday

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday