Colombo Today Local News

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමැතිවරයා කර තිබෙන ප‍්‍රකාශය ආණ්ඩුවේත් මතය දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විමසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටේ නැති නිසා අගමැතිවරයා ප්‍රකාශයක්‌ කළ යුතු නමුත් අද වනතුරු අගමැතිවරයා එවැනි ප්‍රකාශයක්‌ නොකිරීමෙන් රජයේ මාධ්‍ය ඇමැතිවරයා ලෙස කළ එම ප්‍රකාශය ආණ්‌ඩුව දරන මතය විය හැකි යෑයි ද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය හෙළා දකින බවත් කතෝලික පිරිස්‌ පමණක්‌ නොව බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් ආගමිකයන් පිරිසක්‌ ද මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි විරෝධය පළ කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ආගමික නායකයකු පල්ලිය තුළ කළ ප්‍රකාශයක්‌ මෙතරම් නිර්දය ලෙස විවේචනය කිරීම සම්පූර්ණ වැරදි බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඇමැතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවත් හෙතෙම කීවේය.

මෙය තමා දකින්නේ නරක පූර්වාදර්ශයක්‌ ලෙස බව ද මෙසේ අනෙක්‌ ආගමික නායකයන්ටත් අපහාස වන ප්‍රකාශ කිරීමට ගියහොත් මෙය නවතින්නේ කොතැනින් දැයි යන්න ප්‍රශ්නයක්‌ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය සියලුම ආගමික නායකයන්ට කරන ලද අපහාසයක්‌ ලෙස තමා දකින බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ විඡේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (26 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

Related posts

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

මැණික් ගල් 492 ක් සමග හාර්බර් බණ්ඩා අත්අඩංගුවට.

colombotoday