Colombo Today Local News

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

සරත් ෆොන්සේකා මහතාට  (25) දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.

Related posts

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin