Colombo Today Local News

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේ පෙරළීයාමෙන් එම ලොරි රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි අධිවේග රථ වාහන පොලීසිය පවසයි.

මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමත් එම ලොරිය පෙරළී මීටර් දහයක් පමණ ඉදිරියට ඇදීගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබේ.

අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.

Related posts

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු නැවත ආරභයි

colombotoday