Colombo Today Local News

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

පොලිස්පතිවරයා ඉවත් කිරීමට කිසිදු බලයක් ජාතික පොලිස් කොමිසමට නැතැයි එහි සාමාජිකයෙක් පැවසීය.
ජාතික පොලිස් කොමිසමේ විනය පාලනයට යටත්වන්නේ කොස්තාපල්වරයාගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දක්වා සීමාව පමණක් යැයි ද ඊට පොලිස්පතිවරයා අයත් වන්නේ නැතැයි ද ඔහු කීය.
කොමිසම් සාමාජිකයා මේ අදහස පළ කළේ පොලිස්පති ධූරයට පත්කිරීම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන කළ විමසීමේදීය.
පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථා සභාව හරහා යැයි කී හෙතෙම පත්කිරීම් බලධරයා හැටියට ඊට බලය ඇත්තේ ව්‍යවස්ථා සභාවට යැයි ද අවධාරණය කර කීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පැවැරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැයි ද එමගින් පත්කෙරෙන පොලිස් කොමිසම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ මේ බව පැහැදිලිව දක්වා ඇතැයි ද ඔහු පැවසීය.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කොමිසම තුළ පොලිස්පතිවරයාට තැනක් නැතැයි යන චෝදනාව නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයාට කොමිසම් සභා රැස්වීම්වලට නිරීක්ෂකයකු හැටියට සහභාගී වීමේ අවස්ථාව ලැබුණේ යැයි ද ඔහු කීය.
කොමිසම රැස්ව තීන්දු ගනිද්දී එම රැස්වීම්වලට සහභාගීවීමට පොලිස්පතිවරයාට ද අවස්ථාව ලැබෙන නමුත් ඒ සාමාජිකයකු ලෙස නොව ආරාධිතයකු හැටියට යැයි ද ඔහු කීවේය
කොමිසම පොලිස්පතිවරයාගේ අදහස් සැලකිල්ලට ගත්තත් ඒවා ක්‍රියාවේ යෙදිය යුතු යැයි නියමයක් නැතැයි ද කොමිසම තුළ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් යම් කරුණක් සාකච්ඡා වන අවස්ථාවක එහි පොලිස්පතිවරයාට සිටින්නට පවා නොහැකි යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

එජාපයේ නායකයා රනිල්මයි… සෙසු නිලතළ සංශෝධනයට කමිටුවක් පත් කෙරේ… කෘත්‍යාධිකාරියේ තීරණය මෙන්න

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday