Colombo Today Local NewsHot News

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ රටේ බුද්ධි අංශ විරුවන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන කතා කිරීම හේතුවෙන් වැලිකඩ සිරගෙදර තුල හිරබත් වළඳමින් සිටින බවත් සිරගත කිරීමෙන් නොනැවතුණු ඇමතිවරු කිහිප දෙනෙක් උන්වහන්සේ මානසිකව ඝාතනය කිරීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටින බව මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා.

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ ත්‍යාගය ලෙස ඥානසාර හිමි සිරගත කෙරූ බවත් උන්වහන්සේව බන්ධනාගාරය තුල ඝාතනය කරනු ඇතැයි බියක් පවතින බව සඳහන් කර සිටි සුදත්ත හිමි සන්නද්ධ බුද්ධි අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන්ම පමණක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කතා කල බවත් පැවසීය.

අද වන විට බුද්ධි අංශ අක්‍රිය වී රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඊයේ (18) බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කරන ලදි.

 

Related posts

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin