ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) අනුග්‍රහයෙන් ITN fm ඔස්සේ විකාශය වන “කණට පාරක්” රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ එම ඒකකයට කැඳවා ප්‍රශ්න කර ඇත.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.