Colombo Today Local News

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

ඉන්ධන මිල සූත්‍රය තමන්ද දැක නැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනකුට එය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැසීය.

එම මිල සූත්‍රය සකසන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කමිටුවකින් බවත් ඇමැතිවරයා කීවේය.

එම කමිටුව සඳහා දේශපාලනඥයන් සහභාගි නොවන බවද සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලනිප මූලස්ථානයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.
ජනතාව අපහසුතාවට පත්වන අයුරින් සිදුකරන මෙවැනි යෝජනාවලදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරයකු ලෙස මැදිහත් නොවන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

“අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. නමුත් මේ මිල සූත්‍රය සකසන්නේ ජාත්‍යන්තර මිල ගණන්වලට සමගාමීව. හැබැයි මේ මඟින් ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියා සිදුකරනවා නම් එවැනි ක්‍රියාවන් කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.”

කෙසේවෙතත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ “මිල සූත්‍රය” තොරතුරු දැනගැනීමේ පනත මගින් කිහිප වරක් ඉල්ලුම් කලද තම සංවිධානයට එය ලබා නොදීමට බලධාරීන් ක්‍රියා කල බවයි.

Related posts

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

යාපනයේ දැරිය ඝාතනයේ වගකීම හමුදාවේ ගිණුමට ?

colombotoday

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි සජබේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ.. ඕන එකෙකුට ගහල එලවනවා” – ජෝන් ඇමතිට ව්‍යාග්‍රයා වැහෙයි

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday