Colombo Today Local News

පුරාවිද්‍යා නීති කඩා වවුනියාවේ, වඩිනාගල බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මත හින්දු කෝවිලක් හදලා

වවුනියාවේ බෞද්ධ සිද්ධස්ථානයක් අසල හින්දු කෝවිලක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දීමටත් පෙර පුරාවිද්‍යා නීතිරීතිවලට පටහැණිව හින්දු කෝවිලක් ඉදිකොට තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නම් කොට ඇති වවුනියාව නෙඩුන්කේණී ඕලූමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානයට මීටර් හාරසීයක් දුරින් හින්දු කෝවිලක් ඉදි කරගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දෙන විට වඩිනාගල බෞද්ධ පුරාවස්තු පිහිටි ස්ථානයේම හින්දු කෝවිල ඉදි කොට තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අවසරය ලබා දී ඇත්තේ  පසුගිය 21 දා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය හින්දු කෝවිලක් ඉදි කිරීම සඳහා ලබා දෙන මෙන් නෙඩුන්කේණී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් විරෝධතා මතු වීමත් සමගම එම ස්ථානයේ කෝවිලක් සාදා ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණය පවත්වා තිබේ.

 

Related posts

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ප්‍රියංකර වෙනුවට ඒකාබද්ධයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති ජෝන් හෙළිකරයි !

colombotoday

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin