හෙට පැවැත්වෙන සාමකාමී උද්ඝෝශනය අතර තුර උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය හෙලි දරව්වක් කර තිබේ. මේ පිළිබදව සදහන් කරමින් පොලිසිපතිවරයා ලිපියක් යොමු කරන පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණට සම්බන්ධ නොවන එදිනෙදා කොළඔට පැමිණෙන හා පාසැල් ළමයින්ගේ ආරක්ෂාව සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසයි.
මීට පෙරද මෙවැනි උද්ඝෝෂණ අතරතුර උද්ඝෝශකයින් නොවන සංවිධානාත්මක පිරිස් විසින් උද්ඝෝෂකයින් උසි ගැන්වීම සදහා කටයුතු කර තිබුණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැන්ගේ ප්‍රකාශයන්ට අනුව උද්ඝෝශනය සදහා විශාල ජනගගක් හෙට දින කොළඔට පැමිණිමට නියමිතය.